“YouTube recommended වීඩියෝස් බලන එක නවත්තන්න…” – Youtube හිටපු ඉංජිනේරු

YouTube recommended වීඩියෝස් බලන එක නවත්තන්න- Youtube හිටපු ඉංජිනේරු

YouTube recommended වීඩියෝස් බලන එක නවත්තන්න- Youtube හිටපු ඉංජිනේරු

“YouTube recommended වීඩියෝස් බලන එක නවත්තන්න…” – Guillaume Chaslot – Youtube හිටපු ඉංජිනේරු
[IntuitiveAI ප්‍රධාන විධායක නිලධාරී & AlgoTransparency නිර්මාතෘ]

“YouTube එකේදි මම වැඩ කළේ YouTube recommendations පාර්ට් එකේ. අපි හදපු algorithms නිසා මේ වෙනකොට සමාජයේ හැම පැත්තේම ඇති වෙලා තියෙන විෂමතාවයන් දැක්කම හරිම කණගාටුවක් තියෙන්නේ.”

“සමාජය මේ වෙනකොට සෑහෙන්න ධ්‍රැවීකරණය වෙලා තියෙන්නේ. ඒක එච්චරම හොඳ දෙයක් නම් නෙමෙයි.Watch Time පැත්තෙන් බැලුවොත් නම් මේ ධ්‍රැවීකරණය හොඳ දෙයක්. මොකද එතකොට වැඩි කාලයක් මිනිස්සු ඔන්ලයින් ඉන්නවා. මිනිසුන් හිතන් ඉන්නේ algorithms නිර්මාණය කරලා තියෙන්නේ එයාලට ඇත්තටම අවශ්‍ය දේවල් ලබා දෙන්න කියලයි. ඇත්තටම එය එහෙම නෙමෙයි.”

“Algorithms ඇත්ත වශයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ඔයාගේ ජීවිතේට වැඩිම බලපෑමක් කරන්න පුළුවන් Rabbit Holes ටික හොයාගන්නයි.
(අන්තර්ජාලයේදී Rabbit Hole එකක් කියන්නේ අතිශයින්ම සිත් ඇදගන්නාසුළු හා කාලය නාස්ති කරන මාතෘකාවලට.) ඔයාගේ ඒ වෙලාවට තියෙන ප්‍රතිචාරය අනුව ඔයාව ළගම තියෙන Rabbit Hole එකට තල්ලු කරන්න තමයි YouTube recommendations Algorithms උත්සාහ කරන්නේ.
පස්සේ ඔයා YouTube recommendations වීඩියෝවලින් එකක් හරි බැලුවොත්, ඒ වගේ වීඩියෝ දිගින් දිගටම ලිස්ට් වෙනවා.”

“මොකද පුළුවන් තරම් මිනිස්සුන්ගේ watch time වැඩි වෙන්න වෙන්න YouTube එකට පුළුවන් ඇඩ් ප්ලේස් කරලා සල්ලි මිලියන් ගණන්වලින් හොයන්න.”
“ඔයාලා දන්නවද? ඔහොම YouTube recommendations වලින් මිලියන සිය ගණනක් නිර්දේශ වුන එකක් තමයි Flat Earth කන්ස්පිරසි එක.
එය විශ්වාස කරන මිනිස්සු අඩුයි කියලා හිතුනත්, Algorithm එක දක්‍ෂ වුණා මිලියන් ගාණකට එක රෙකමන්ඩ් කරන්න.ඉතින්, අද YouTube recommendations Algorithm එක පෘථිවිය පැතලි බව ඒත්තු ගැන්වුවා වගේම, ඔවුන් හෙට අලුත් බොරුවක් ගැන ඔබට ඒත්තු ගන්වන්න පුළුවන්.
YouTube එකට මිලියන් ගණන්වලින් සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ සියලුම ඕන එපාකම් එයාල දන්නා නිසා. ඒ ඩේටා තමයි එයාලා විකුනන්නේ. ඒ කියන්නේ ඔයාලා තමයි YouTube එකේ විකිණෙන “ප්‍රඩක්ට්” එක.”

“මගේ නිර්දේශය වෙන්නේ, YouTube recommended වීඩියෝස් බලන එක නවත්තන්න.ඔයා ඔයා ගැන විශ්වාස කරලා ඔයාට කැමති දේ උවමනාවෙන් සර්ච් කරලා බලන්න.”
“YouTube recommendations ඩිසේබල් කරන ඕන තරම් Chrome extensions ඕන තරම් තියෙනවා. පුළුවන් නම් ඒකක් පාවිච්චි කරන්න.
ඔව්, මම ඔයාලට කියන්නේ මම හදපු ටූල් එක පාවිච්චි කරන එක අදම නවත්තන්න කියලයි…”

– විකුම් හර්ෂණ | The Social Dilemma වාර්තාමය චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන් විශේෂ සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *