හිස්බුල්ලා ගැන තවත් ආරංචියක් – එඩිසන් ගුණසේකර

හිස්බුල්ලා

හිස්බුල්ලා

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාතේ ඇති අන්තවාදී කණ්ඩායම්වලට ආයුධ ලබා දුන් බව එම පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණසේකර මහතා, පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේය.

ඔහු තචදුරටත් ප්‍රකාශකර සිටියේ,
“හිස්බුල්ලා හට පැවති දේශපාලන බලය නිසා සාමාන්‍ය ජනතාව ඔහුට විරුද්ධව පැමිණිලි කරන්න ඉදිරිපත් වුනේ නෑ.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මකව තිබුණු අන්තවාදී සංවිධානවල සාමාජිකයින් අත් අඩංගුවට ගත්විට හිස්බුල්ලා, අතාවුල්ලා, අමීර් අලි, බදියුදීන් වැනි දේශපාලන නායකයින් මැදිහත් වී එයට විරුද්ධ වූනා.

මුලදී මෙම අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ආයුධ වලින් මූලධර්මවාදය ප්‍රචාරය කිරීමට පියවර ගත්තා. පසුව මංකොල්ල කෑම් වැනි අපරාධවල නිරත වූනා. ඒවගේම මෙයට විරුද්ධව පැමිණිලි කිරීමට සාමාන්‍ය ජනතාව බිය වූනා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *