පළාත් නවයක් වෙනුවට තුනක් – සරත් වීරසේකරගෙන් යෝජනාවක්

CID නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට උපදෙස්

CID නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට උපදෙස්

පළාත් නවයක් වෙනුවට පැරණි රාජාණ්ඩු පාලන ක්‍රමයට පැවති රුහුණු, පිහිටි සහ මායා යන පළාත් තුනක් පමණක් නිර්මාණය කර ඉදිරියට ගෙන යා හැකි බවට විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අදහස රජයට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ පැවති පළාත් සභා සහ ප්‍රාදේශිය සභා නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය.

වර්තමානයේ පළාත් සභා පවතින බැවින් මැතිවරණයක් පැවැත්විය යුතු නම් ඉක්මනින් මැතිවරණ පැවැත්විය යුතු බවත් පළාත් සභා තවදුරටත් ඉදිරියට පවතිනු ඇතැයි එයින් අදහස් නොකරන බවත් වීරසේකර මහතා පැවසීය.

පළාත් සභා වෙනස් කිරීමට තමන් උත්සාහ කරන බවත් තමන් සිතන අයුරින් එය වෙනස් කිරීමට නොහැකි බව පවසමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් ඉහත අදහස රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අතර පළාත් සභා පිළිබඳව සරත් වීරසේකරගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා “ඒ සරත් වීරසේකරගේ ස්ථාවරය, මට ස්ථාවරයක් තියෙනවා. පක්ෂයටත් ස්ථාවරයක් තියෙනවා. පළාත් සභා අහෝසි කළහොත් එහි බලතල ප්‍රාදේශිය සභා වලට විමධ්‍යගත කරනවා˝.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *