(Video) “පොලීසිය නිසි ලෙස ක්‍රියා නොකරයි” – බැන වැදුණු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

''කාන්තා ප්‍රතිරූපයට FB වලින් මඩ ගසන්නන්ට නීතිය තදින්''

''කාන්තා ප්‍රතිරූපයට FB වලින් මඩ ගසන්නන්ට නීතිය තදින්''

පොලීසිය සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන්, ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, කොළඹ පැවති උත්සවයක් අමතමින් පවසා තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ,

“රජයෙන් පොලීසිය වෙත විශාල වශයෙන් වගකීම් පවරා ඇත. සෑම කෙනෙකුටම නිළ ඇඳුම් සහ ආයුධ ලබා දී ඇත්තේ මේ නිසාය.
මෙම වගකීම අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීම පොලීසියේ යුතුකමයි. මහජනතාව ද අපේක්ෂා කරන්නේ මෙයයි. හොඳ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සිටිනවා සේම නරක පොලිස් නිලධාරීන් ද කිහිප දෙනෙක් සිටිනවා.

සමහර ප්‍රදේශවල අඩි 10 ට වඩා වැඩුණු ගංජා පැළ හසු වී තිබේ. එක් ගංජා පැළයක් අඩි 10ක් දක්වා වැඩෙන තරමට පොලීසිය නොසැලකිල්ලෙන් සිටි බව ප්‍රකාශ කළ යුතු කරුණක්.

ඔවුන්ව අල්ලාගන්නේද එස්.ටී.එෆ් එකෙන්. එසේම, මෙවැනි දැවැන්ත ක්‍රියාවන් සැහැල්ලුවෙන් කළ නොහැකිය. බැකෝ යන්ත්‍රයෙන් පස පුරවා, ගංජා පැළ අක්කර ගණන් පැළ කරයි.

මේ සියල්ල ගැන අවධානය යොමු නොකර පොලීසිය සිදු කරන්නේ කුමක්ද? අවම වශයෙන්, තම ප්‍රදේශයේ වැඩෙන ගංජා පැළයක් පවා සොයා ගත නොහැකි නම් ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුයි.

සමහර ප්‍රදේශවල පොලීසිය නිසියාකාරව කටයුතු නොකරන බව පැවසිය යුතු කරුණකි. මෙවැනි තත්ත්වයන් වෙනස් කළ යුතුයි යන චේතනාවෙන් මහජනතාව තුනෙන් දෙකක බහුතරයක් ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව ද ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *