කොටි සංවිධානය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීම වඩා හොඳය – මහතීර් මොහොමඩ්

කොටි සංවිධානය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීම වඩා හොඳය - මැලේසියා

කොටි සංවිධානය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීම වඩා හොඳය - මැලේසියා

එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීම වඩාත් සුදුසු බව හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා පවසා ඇත.

එල්ටීටීඊය ත්‍රස්තවාදී ව්‍යාපාර ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස තම කැබිනට් මණ්ඩලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය භාරව සිටි මොහිදීන් යාසීන් මහතා හට මෙම වසර මුලදී ලිපියක් මගින් දන්වා ඇති බවද ඔහු පැවසීය. ඔහු එල්ටීටීඊයට සහයෝගය නොදැක්වුවද, මහතීර් මොහමඩ් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ එය ත්‍රස්තවාදී ව්‍යාපාර ලැයිස්තුවෙන් ඉවත් කිරීම මැලේසියාවේ හොඳම අභිප්‍රාය බවයි.
මැලේසියාව මෙන්ම අනෙකුත් රටවල්ද කිසිදු කණ්ඩායමක් පහසුවෙන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස ලේබල් නොකළ යුතු බව ඔහු අවධාරණය කළේය. එල්ටීටීඊයට සහය නොදක්වන ඔහු කියා සිටියේ, එල්ටීටීඊ ගැටලුව ශ්‍රී ලංකාවේ බවත් එය මැලේසියාව හා සම්බන්ධ නොවන බවත්ය.

මැලේසියාවේ වැරදිවලට ඔවුන් සම්බන්ධ නොවනතාක් එම ව්‍යාපාරයට එරෙහිව පියවර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව මහතීර් මොහොමඩ් මහතා පෙන්වා දුන්නේය. එල්ටීටීඊය තවමත් ත්‍රස්තවාදී ලැයිස්තුවේ රැඳී සිටීමට හේතුවක් තිබේදැයි තමන් නොදන්නා බව මහතීර් මොහමඩ් එම ලිපියේ සඳහන් කර තිබේ. මේ අතර, එල්ටීටීඊය ත්‍රස්තවාදී ව්‍යාපාර ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධ නඩුවක් මැලේසියානු අධිකරණයකින් 17 වනදා විභාගයට ගැනේ.

– News1st

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *