(Video) ලෝකේ බලවත්ම න්‍යෂ්ටික බෝම්බ පිපිරීමේ දර්ශන රුසියාව මාධ්‍ය වෙත නිකුත් කරයි

ලෝකේ බලවත්ම න්‍යෂ්ටික බෝම්බ පිපිරීමේ දර්ශන රුසියාව මාධ්‍ය වෙත නිකුත් කරයි

ලෝකේ බලවත්ම න්‍යෂ්ටික බෝම්බ පිපිරීමේ දර්ශන රුසියාව මාධ්‍ය වෙත නිකුත් කරයි

රුසියාව ලොකයේ බලවත්ම න්‍යෂ්ටික බෝම්බ පිපිරීමේ වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරයි.

“Tsar bomba” නමින් හැඳින්වෙන මෙම පිපිරීම TNT මෙගාටොන් 50කට සමාන බව කියවේ. එනම් හිරෝෂිමා, නාගසාකි පිපිරීමට වඩා 1500 ගුණයකින් බලවත් පිපිරීමකී.

මෙම බෝම්බයේ නිල නාමය “RDS 220” ලෙස හැඳින් වෙන අතර නිල නොවන නම ලෙස “Tsar bomba” යනුවෙන් හැඳින්වේ. දශක ගණනාවක් රහසක්ව තබා තිබූ මෙම පිපිරීමේ වීඩියෝ රුසියාව දැන් නිකුත් කර තිබේ.

මෙම පිපිරීම 1961 ඔක්තෝබර් මස තිස් වන දින ආර්ටික් සමුද්‍රයේ පුපුරවා හරින ලද අතර එහි කම්පනය කීලෝමීටර් සියයකට මෙහා දැනුණු බව කියවේ.

විනාඩි 40 කින් සමන්විත මෙම විඩියෝව යූ ටියුබ් සමාජ මාධ්‍යට මුදාහැර තිබෙන අතර එහි බෝම්බය සාදන ආකාරය, එය පිපිරවීම සඳහා රුගෙන යාම, ගුවන් යානාවකින් පතිත කීරීම සහ එය වීඩියෝ ගත කිරීමට යොදාගන්නා යානය යනාදී සියල්ලම පෙන්නුම් කරණ නමුත් බෝම්බය සාදන්නට භාවිතා කරන තාක්ෂණය සදහන් නොවේ.

රුසියාව පවසන ආකාරයට පිපිරුමේ ආලෝකය කීලෝ මීටර් 965ක් (සැතපුම් 600ක්) දුරකට දක්නට ලැබූ බවයි.

මෙම පිපිරීම සම්බන්ධ වීඩියෝව පහලින් නරඹන්න.

Video:FB @ ScienceNaturePage

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *