(Video) ජනාධිපතිවරයා වංචනික හිතක් තියෙන,වංක බව උවමනාවෙන්ම තියන පුද්ගලයෙක් – අනුර කුමාර

"ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බව අපි දන්නවා" - අනුර දිසානායක

"ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බව අපි දන්නවා" - අනුර දිසානායක

“තමන්ගේ මුදල් පරීක්ෂා කිරීම සඳහා තමන් විසින්ම පත්කරන පුද්ගලයෙකුට එය පැවරීමට යෝජනාවක් කළ හැක්කේ වංක පුද්ගලයෙකුට පමණයි” – අනුර කුමාර දිසානායක

සැප්තැම්බර් 04 දින පෙරවරු කාලයේ දී මාධ්‍ය හමුවක අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, 19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වීම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

“ජාතික විගණන කොමිසම හා ජාතික ප්‍රතිසම්පාදන කොමිසම නමින් ස්වාධීන කොමිෂන් සභා දෙකක් පවතිනවා. මෙම සංශෝධන මගින් ඒවා අහෝසි කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය මුදල් වැයවූයේ කෙසේදැයි සොයාබැලීමේ වගකීම පවතින්නේ විගණකාධිපතිවරයා පුමුඛ ජාතික විගණන කොමිසමටයි. දැන් විගණකාධිපති පත්කිරීමත් ජනාධිපතිවරයා විසින් පවරා ගෙන තිබෙනවා. තමන්ගේ මුදල් පරීක්ෂා කිරීම තමන් විසින්ම පත්කරන පුද්ගලයෙකුට පැවරීම පිළිබඳව යෝජනාවක් කළ හැක්කේ වංක පුද්ගලයෙකුට පමණයි. එය කෙතරම් ශිෂ්ටසම්පන්න ක්‍රියාවක්දැයි ජනතාව විසින් සිතා බැලිය යුතුව තිබෙනවා”.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *