ජාත්‍යන්තරේ ලංකාවෙන් සමාව ඉල්ලයි – බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් සම්බන්ධයෙන් …

බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් : ජාත්‍යන්තරේ ලංකාවෙන් සම්බන්ධයෙන් සමාව ඉල්ලයි

බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් : ජාත්‍යන්තරේ ලංකාවෙන් සම්බන්ධයෙන් සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා රාජ්‍යයේ වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ පින්තූරයක් වෙනුවට ශ්‍රී ලංකා හමුදාවේ බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් මහතාගේ ජායාරූපයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් සමාව අයැද සිටින බව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJPSL) යස්මින් සූකා මහත්මිය පවසයි.

බ්‍රිගේඩියර් රවින්ද්‍ර ඩයස් සිය නීතිඥ නිලංග පෙරේරා හරහා යස්මින් සූකා මහත්මිය සහ ITJPSL වෙත තම පින්තූරය වැරදි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් එන්තරවාසියක්ද ලිපියක් යස්මින් සූකා වෙත යවා තිබේ.

එම එන්තරවාසියේ සදහන් වූයේ බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස්ගේ පින්තූරය භාවිතා කිරීම සහ මේජර් ජෙනරාල් සලේ මහතාගේ පින්තූරය නිරූපණය කිරීම බ්‍රිගේඩියර්වරයාගේ ජීවිතය අවදානමට ලක් කර ඇති බවයි.

ඒ අනුව යස්මින් සූකා මහත්මිය තම නීතිඥයන්ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් රවින්ද්‍ර ඩයස්ගෙන් සමාව අයැද ඇති අතර, ඔහුගේ පින්තූරය වැරදි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමක් සහ නිවැරදි කිරීමේ ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේජර් ජෙනරාල් සලේ මහතා ද 2020 ජුනි මස මුලදී යස්මින් සූකා මහත්මිය සහ අයිටීජේපීඑස්එල් වෙත ඔහුගේ චරිතයට අපහාස වන ලෙස ලිපයක් පළ කිරීම හේතුවෙන් සූකා වෙත එන්තරවාසියක් යවා තිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *