ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 12 කට පෙන්ටගනය අනතුරු අගවයි

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 12 කට පෙන්ටගනය අනතුරු අගවයි

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 12 කට පෙන්ටගනය අනතුරු අගවයි

ශ්‍රී ලංකාව ඇතුළුව නම් කරන ලද ඇතැම් රටවල හමුදා පහසුකම් ඇතිකිරීම සඳහා චීනය සැලසුම් කරගෙන යන බවත් එමගින් එම රටවලට තම මහජන නිදහස් හමුදාව යවා පුළුල් හා තිරසර හමුදා බලයක් ලබා ගැනීමට චීනය උත්සාහ කරන බවත් පෙන්ටගනය නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

චීනය ජාත්‍යන්තරව තමන්ගේ ව්‍යුහාත්මක පහසුකම් ස්ථාපිත කිරීමට උත්සුක වන අතරම මහජන නිදහස් හමුදාවේ අවසරයට අවශ්‍ය මූලික ව්‍යුහයද ඇති කිරීමට කටයුතු කරන බව එම වාර්තාවේ සඳහන් වේ.

නැගෙනහිර අප්‍රිකාවේ පිහිටා ඇති ජිබූරිහි දැනට හමුදා කඳවුරක් සතුව ඇති චීනය, මුහුදු බඩ, ගුවන් සහ පාබල හමුදා මගින් උදව් ලබා දිය හැකි පරිදි අනෙකුත් රටවල හමුදාවට උපකාර කිරීමේ ව්‍යුහයන් ස්ථාපිත කිරීමට සැලසුම් කරගෙන යයි.

”2020 හිදී මහජන චීන ජනරජය සම්බන්ධ වන හමුදාමය සහ ආරක්ෂක ප්‍රගතිය” යන ශීර්ෂයෙන් තම වාර්ෂික වාර්තාව පෙන්ටගනයට ඉදිරිපත් කර ඇත. චීනය තම හමුදාමය පහසුකම් ව්‍යුහයන් ඇති කිරීම සඳහා මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව, සීෂෙල්, ටැන්සානියාව, අංගෝලාව සහ තජිකිස්ථානය යන රටවලට අවධානය යොමු කරමින් සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.

මෙලෙස මහජන නිදහස් හමුදාව සඳහා පහසුකම් සලසන ව්‍යුහයන් ඇමෙරිකාවේ හමුදාමය ක්‍රියාකාරකම් වලට බලපෑම් එල්ලවිය හැකි බවත් ඇමෙරිකාවට විරුද්ධ ශක්තීන්ට එමගින් උදව් ලබා දිය හැකි බවත් පෙන්ටගනය තම වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත.

-වීරකේසරී

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *