(Exclusive) රියාද්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විවෘත ලිපියක්

රියාද්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විවෘත ලිපියක්

රියාද්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විවෘත ලිපියක්

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විවෘත ලිපියක්

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි,

මම රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කරමි. දැනට මෙහි ශ්‍රී ලාංකිකයන් 140,000 ක් පමණ සේවය කරති. ඔවුන්ගෙන් සියයට 70 ක් සේවය කරන්නේ සාමාන්‍ය කම්කරුවන් හෝ ගෘහ සේවිකාවන් ලෙස ය. ඔවුන්ගේ මාසික ආදායම රුපියල් හැට දහසකට වඩා අඩුය.

කොරෝනා වසංගත තත්වයෙන් මෙහි සේවය කරන කම්කරුවන් වැටුප් නොලැබීම, නේවාසික නොලැබීම, කොන්ත්‍රාත් අවසන් විම සහ අසනීප හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී තිබේ. මගේ ජ්‍යෙෂ්ට නිලධාරීන් පවසන්නේ ඔවුන් මේ පිළිබඳව රජයට ප්‍රමාණවත් ලෙස දැනුම් දී ඇති බවයි. නමුත් රජය එය ගණන් නොගන්නා නිසයි මම මේ ලිපිය ප්‍රසිද්ධියේ ලියන්නේ.

උදේ අපගේ තානාපති කාර්යාලයට අපි ඇතුළු වන විට 15-25 ක් පමණ දෙනා ප්‍රධාන ගේට්ටුව අසල බලා සිටිති. “අපිව රැකියාවෙන් නවත්තලා මාස 04 යි. පිටවීමේ වීසා බලපත්‍රය කල් ඉකුත් වෙලා. වහාම අපගේ ස්ථානවලින් පිටව යන ලෙසද ඔවුන් පවසනවා. මාස ගණනක් නිසි ආහාර වේලක් නෑ. රටේ පවුල් දුක් විඳිනවා. ඔවුන්ගේ වියදම් සඳහා මුදල් යැවිය නොහැක. මරණය හැර වෙනත් විකල්පයක් නැත. කෙසේ හෝ අපව නැවත රටට යවන්න”. අපගේ සේවකයින්ගේ මෙම දුක්ගැනවිලි වලට දිනපතාම ඇහුම්කන් දී ඔවුන්ව සන්සුන් කර, ඔවුන්ගේ සේවා ස්ථාන සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ට තව සුළු කාලයක් සඳහා රැඳී සිටීමටද ආහාර ලබා දැන ලෙසද අපේ ගෞරවය අත්හැර ඔවුන්ගෙන් අයැදිය යුතුව ඇත.

” අපි ඔබව කෙසේ හෝ රටට යවනවා” බව පවසමින් මාස ගණනාවක් අපි ඔවුන්ව රවටා ඇත.

මෙවැනි පීඩනයක් යටතේ සිටින සමහර අය මෙහි සියදිවි නසාගෙන ඇත.

“අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලය අවසන් කරන්නේ කවදාද? මව් භූමියේ අතහැර ආ දරුවන් දකින්නේ කවදාද? ආශාවෙන් බලා සිටින ගෘහ සේවිකාවන්ගේන් දිනකට දුරකථන ඇමතුම් සියයකට වඩා පැමිණේ. “ටිකක් ඉවසන්න, හැකි ඉක්මනින් ලංකාවට යැවීමට අපි කටයුතු කරනවා”. එසේ අපි පවසා මාස හයක් ගතවී ඇත.
අනෙක් අතට දියවැඩියාව, පිළිකා, හෘද රෝග වැනි රෝග වලින් පෙලෙන අය. වෛද්‍ය පහසුකම් සඳහා ඔවුන්ට මුදල් නැත. ඔවුන්ගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වී ඇති බැවින් රක්ෂණයෙන් බෙහෙත් ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි ය. ඔවුන්ගේ එකම ආශාව වැඩි කල් යන්න කලින් තම පවුලේ අය සමඟ එකතු වී සැනසීමයි.

එසේම, කාන්තා සුභසාධන මධ්‍යස්ථාන, රැඳවුම් කඳවුරු සහ බන්ධනාගාරවල ශ්‍රී ලාංකිකයන් 70 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිති. ඔවුන් පසුගිය මාස 06 ක් තිස්සේ මෙම කඳවුරුවල සිරවී සිටිති. සති 02 කට වඩා වැඩි කාලයක් මෙම කඳවුරුවල සිටීම දුෂ්කර ය. ඔවුන් බැලීමට අපි ගිය විට, “අපව මේ නිරයෙන් ගලවා අපව නැවත ලංකාවට යවන්න” යැයි ඔවුහු කියති. පසුගිය සතියේ අපෙන් එසේ ඉල්ලා සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු දින දෙකකට පෙර හදිසියේම මිය ගියා. එම පුද්ගලයාගේ අවසාන පැතුම පවා ඉටු කළ නොහැකි වීමේ ශෝකය මනස පුරවයි.

තවද, කෙටි සංචාර වීසා මත තම ස්වාමිපුරුෂයන්, දරුවන් බැලීමට පැමිණි භාර්යාවන්, වැඩිහිටි දෙමාපියන් නැවත මව් රටට යාමට නොහැකිව බලා සිටියි. ඔවුන්ගේ සමහරක් ගැබිනි සහ අසනීපව තත්වයේ සිටින අය. ඔවුන් වෛද්‍ය පහසුකම් නොමැතිව අද, හෙට පිටව යනු ඇතැයි යන අපේක්ෂාවෙන් මාස ගණනාවක් ගත කර ඇත.

මෙම කම්කරුවන්ගේ ගැටලුව විසඳීම සඳහා අපේ රජය (රුපියල් ලක්ෂ පහ) වැනි ඉතා සුළු මුදලක් පමණක් වෙන් කර නමුත් ඔවුන්ගේ දුක්ඛිත තත්වය විසඳීම සඳහා අපට හැකි සෑම දෙයක්ම අපි කර ඇත. නමුත් ඔවුන් රටට යැවීම සම්බන්ධයෙන් අපට කළ හැකි කිසිවක් නැත. එයට විසඳුම කළ යුත්තේ අපේ රජය විසින් ය.

ගරු ජනාධිපතිතුමනි,

මෙම කම්කරුවන් කෙරෙහි අප රජයේ නොසලකා හැරීම පිළිබඳව සේවා යෝජකයින්, සමාගම් සහ සෞදි අරාබියේ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් දැඩි අසතුටට පත්ව සිටිති.

“වෙනත් දකුණු ආසියානු රටවල් තම කම්කරුවන් තම රටවල්වලට නැවත යැවීමට කටයුතු කරන විට ඔබේ රටට එය කරන්න නොහැක්කේ ඇයි? ඔබේ රජයට අවශ්‍ය වන්නේ මුදල් පමණි. ඔබේ රටේ පාලකයෝ මානුෂීය නොවේද?”

අරාබිවරුන් මෙය පවසන විට ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු ලෙස මට ලැජ්ජා වීමට වඩා තවත් කුමක් කළ හැකිද?

ගරු ජනාධිපතිතුමනි, ඔබ කෙරෙහි ජනතාවගේ විශ්වාසය කඩ නොකරන්න. මාස ගණනාවක් තිස්සේ මේ ජනතාව රටේ යහපත උදෙසා බොහෝ දුක් වේදනා ඉවසිලිවන්තව විඳදරාගෙන ඇත. තම මව් රටට ආපසු යාමෙ අයිතිය ජනතාවට දෙන්න. මෙම කම්කරුවන්ව යුරෝපීය රටවලට ගිය ධනවතුන් සමඟ සංසන්දනය නොකරන්න. තාම රට තුලට ආවෙ, ඇති හැකි අය මිසක් නැති බැරි මිනිසුන් නෙමේ. දුප්පත් කමේ අන්ත අසරන ⁣දිනකට එක වේලක් කාල ,රැකියා නැති, අනුන්ගෙන් යැපෙන අහින්සක මිනිසුන් තාම රටට ආවෙ නෑ. ඒ නිසා මේ මිනිසුන් රටට ගන්න වැඩ පිලිවලක් අවශ්‍ය වේ.මේ වන තෙක් එසේ නිසි වැඩපිළිවෙළක් නොමැතිකම කනස්සල්ලට කරුණකි.

රටේ සෑම දෙයක්ම “මුදල් හා සම්බන්ධ” යැයි සිතන රජය ජනතාවගේ සුභසාධනය ගැන සැලකිලිමත් විය යුතු නොවේද?

එබැවින් මෙම පුද්ගලයින් හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ඉතා ඉක්මණින් සිදුකරන ලෙස මම අවංකවම ඉල්ලා සිටිමි. අවම වශයෙන් ඉතා අත්‍යවශ්‍යය හේතු සඳහා සෞදි අරාබියෙන් ලංකාවට යන්න ලියාපදිංචි කළ 1500-2000 දෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට ඉක්මණින් කටයුතු කරන්න.

ගරු ජනාධිපතිතුමනි,
විගමනික සේවක ජනතාව මෙතරම් දුක් විඳින මොහොතක තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශය මුළුමනින්ම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. වැටුප් ගැටළු., වීසා බලපත්‍ර ගැටළු, නේවාසික ගැටළු, අසනීප ඇතුළු කම්කරුවන්ගේ ගැටලු විසඳීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ඉවත් කිරීම කම්කරුවන් කබලෙන් ලිපට වැටීමට සමාන බව සහතික ය. පූර්ව සැලසුමක් හෝ උපදේශනයකින් තොරව අත්තනෝමතික ලෙස ගෙන ඇති මෙම තීරණය කෙරෙහි ද ඔබේ අවධානය යොමු කරන්න.

මේ කිසිවක් නො දැන රටක ජනාධිපතිවරයෙකු සිටිය නොහැක. ඔහු නොදන්නේ නම් දැනුම් දීම පුරවැසියෙකුගේ යුතුකමකි. මම මගේ යුතුකම ඉටු කළා. ඔබ ඔබේ යුතුකම ඉටු කරයි කියලා මම විශ්වාස කරමි.

ඉස්මත් අලි,
භාෂා පරිවර්තක,
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,
රියාද්.
2020.09.04

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *