වාහන ආනයනයට දාපු සීමා කිරීම්වලින් ලැබුණු ප්‍රතිඵල

0
වාහන ආනයනයට දාපු සීමා කිරීම්වලින් ලැබුණු ප්‍රතිඵල

වාහන ආනයනයට දාපු සීමා කිරීම්වලින් ලැබුණු ප්‍රතිඵල

රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා සහ විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා පුද්ගලික වාහන ආනයනය යම්තාක් දුරකට පාලනය කිරීමට රජය හඳුන්වා දුන් විශේෂ ක්‍රමවේදය මේ වන විට අපේක්ෂිත සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් පවතින බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මීට පෙර පැවැති තත්ත්වය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 2025 වර්ෂයේදී වාහන ආනයනය වෙනුවෙන් දිනකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 5.27ක මුදලක් වැය වී ඇති බවයි. ඒ අනුව වසරකට ඩොලර් බිලියන දෙකකට ආසන්න ($ඩොලර්\ මිලියන\ 1926$) දැවැන්ත ආනයන බිලක් රටට දැරීමට සිදු විය. පසුව ඇති වූ ආර්ථික අර්බුදකාරී පසුබිම තුළ සමාජය තුළ හටගත් අනවශ්‍ය බිය නිසා මිනිසුන් වැඩි වැඩියෙන් වාහන ආනයනය කිරීමට පෙළඹීමෙන් දෛනික වාහන ආනයන බිල ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් තිබුණි.

එහෙත් රජය වහාම මැදිහත් වී පැනවූ සීමා කිරීම් නිසා ජූනි මාසයේ මුල් දින කිහිපය තුළ වාහන ආනයනය වෙනුවෙන් වැය වූ විදේශ විනිමය ප්‍රමාණය බලාපොරොත්තු වූවාටත් වඩා පහළ මට්ටමකට සමනය කරගැනීමට හැකි වී තිබේ.

“අපි ගත්තු දැඩි ක්‍රියාමාර්ග නිසා මැයි සහ ජූනි මාස වෙද්දී මේ තත්ත්වය ගොඩක් පාලනය වුණා. උදාහරණයක් විදිහට, නිවාඩු දවස් හැරපුවාම ජූනි 10 වෙනකම් තිබුණු වැඩ කරන දින 8 ඇතුළත වාහන ආනයනය සඳහා වැය වෙලා තියෙන්නේ මුළු මුදලම ඩොලර් මිලියන 31.72ක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසකට ඩොලර් මිලියන 3.9ක වගේ ප්‍රමාණයක්. මේකෙන් පැහැදිලි වෙනවා අපේ සීමා කිරීම් සාර්ථකයි කියලා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය

වත්මන් මැදපෙරදිග යුදමය තත්ත්වයේ කම්පනය විවිධ අයුරින් දේශීය ආර්ථිකයට, විශේෂයෙන්ම ඉන්ධන මිල කෙරෙහි බලපාන බව පෙන්වා දුන් අනිල් ජයන්ත මහතා, ඉන්ධන භාවිතය එක්වරම සීමා කළ නොහැකි වුවත් වාහන ආනයනය සීමා කිරීම මඟින් ඩොලර් ඉල්ලුම පාලනය කිරීමට රජය කටයුතු කළ බව පැවසීය. මෙවැනි ගෝලීය අර්බුද හමුවේ දේශපාලන වාසි නොතකා විපක්ෂය ඇතුළු සෑම කෙනෙක්ම කළ යුත්තේ වැරදි ප්‍රකාශ නිකුත් කිරීම නොව, රට ඇතුළේ පවතින තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට යෑමට සහය වීම බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com