(දුර්ලභ දසුන්) චීන මුහුදේ හයිනාන් දූපතේ රහසිගත භූගත කඳවුරකට ඇතුළු වන න්‍යෂ්ටික සබ්මැරීනයක්!

(දුර්ලභ දසුන් ) චීන මුහුදේ හයිනාන් දූපතේ රහසිගත භූගත කඳවුරකට ඇතුළු වන න්‍යෂ්ටික සබ්මැරීනයක්!

(දුර්ලභ දසුන් ) චීන මුහුදේ හයිනාන් දූපතේ රහසිගත භූගත කඳවුරකට ඇතුළු වන න්‍යෂ්ටික සබ්මැරීනයක්!

දකුණු චීන මුහුදේ හයිනාන් දූපතේ (Hainan Island) භූගත කඳවුරකට සබ්මැරීනයක් ඇතුළු වන දුර්ලභ ඡායාරූපයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.එම දුර්ලභ දර්ශනය චන්ද්‍රිකාවක් මඟින් ලබා ගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය සතු Planet Labs යන ආයතනය මගින්, Radio Free Asia හි සමාජ මාධ්‍ය වෙබ් අඩවිය හරහා ප්‍රථම වතාවට මෙම දුර්ලභ ඡායාරූපය පළ කර තිබේ.

මෙම ඡායාරූපයෙහි දැක්වෙන්නේ 093 යන න්‍යෂ්ටික සබ්මැරීනයක් යුලින් නාවික කඳවුරේ භූගත උමගට ඇතුළු වන අයුරුයි.

හොංකොං හි සිට ගිණිකොන දෙසින් මුහුදු සැතපුම් 300ක් ඈතින් පිහිටා ඇති හයිනාන් දූපතේ දකුණු දෙසින් යුලින් කඳවුර පිහිටා ඇත.

චීනයේ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම සඳහා සියළු පහසුකම්වලින් සමන්විතව මෙම කඳවුර පවතින බවට ජාත්‍යන්තර වාර්තාවල සඳහන් වේ.

(දුර්ලභ දසුන් ) චීන මුහුදේ හයිනාන් දූපතේ රහසිගත භූගත කඳවුරකට ඇතුළු වන න්‍යෂ්ටික සබ්මැරීනයක්!
(දුර්ලභ දසුන් ) චීන මුහුදේ හයිනාන් දූපතේ රහසිගත භූගත කඳවුරකට ඇතුළු වන න්‍යෂ්ටික සබ්මැරීනයක්!

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *