ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ Sri Lankan Style රාත්‍රී ආහාරය

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ Sri Lankan Style රාත්‍රී ආහාරය

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ Sri Lankan Style රාත්‍රී ආහාරය

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සිය නිවසේදී ලාංකේය ක්‍රමයට ආහාර පිළියෙළ කිරීමට කටයුතු කළ බව පවසා තිබේ.

ඒ අනුව ඊයේ (22දා) රාත්‍රියේ ගෝදම්බ රොටි සමග මස් කරියක් ශ්‍රී ලංකාවේ ක්‍රමයට සකස් කළ බව එම ආහාර පිළියෙළ කරන ආකාරය දැක්වුණු ඡායාරූපද සහිතව ෆේස්බුක් හි බෙදාගෙන තිබුණේ,’සෙනසුරාදා රාත්‍රිය ව්‍යංජන රාත්‍රියකි -Saturday night is curry night’ ලෙස ඊට නම් කර තිබෙනවා.

එහිදී ඔහු පළකළ ඡායාරූප අතර බතක්ද පිළියෙළ කර ඇති ආකාරය දැකගත හැකි විය. තම පවුලේ අය සමග මෙම ආහාර රස විඳි බවත්, ඒවා සැබවනින්ම රසවත් බවත් සඳහන් කර ඇති අගමැතිවරයා, කොරොනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් දැනට ලොක්ඩවුන් කර තිබෙන මෙල්බර්න් නුවර වෙසෙන සියලු දෙනාට සුභ පැතීමට ද ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මෙහිදී අමතක කර තිබුනේ නැහැ.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ලාංකේය ක්‍රමයට රාත්‍රී ආහාරය සකසයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *