සවුදි හාම්පුතා අසනීප වූ ලාංකික සේවකයාව ලංකාවට එවන්න රුපියල් කෝටියක් වියදම් කරයි..

සවුදි හාම්පුතා අසනීප වූ ලාංකික සේවකයාව ලංකාවට යවන්න රුපියල් කෝටියක් වියදම් කරයි..

සවුදි හාම්පුතා අසනීප වූ ලාංකික සේවකයාව ලංකාවට යවන්න රුපියල් කෝටියක් වියදම් කරයි..

සවුදි අරාබියේ ගල්ෆ්වෙස්ට් සමාගමෙහි(GulfWest Company Ltd) සේවය කළ කඩවත ප්‍රදේශයේ පදිංචි ලාංකිකයෙකු පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ රෝගාතුරව සිහිසුන්ව සවුදි අරාබියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහුගේ බිරිඳගේ සහ පවුලේ අයගේ ඉල්ලීම මත ඔහුව වෛද්‍යවරුන් සහ හෙදියන් සමඟ රියාද් හි කිං කාලිඩ් ගුවන්තොටුපලේ සිට පෞද්ගලික ජෙට් යානාවකින් 2020.08.20 දින අළුයම 6 ට ශ්‍රී ලංකාවට පිටත්කර යවා ඇත.

මේ සඳහා මෙම සමාගම ඇමරිකානු ඩොලර් 58,000 ක් (එක් කෝටි පන් ලක්ෂයක්) වියදම් කර තිබීම විශේෂත්වයකි. ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සේවය කරන සවුදි අරාබියෙහි ශ්‍රී ලාංකිකයින් සඳහා “ශ්‍රී ලාංකිකයින් සඳහා කොරෝනා සහන” වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ලක්ෂ 05ක් පමණක් වෙන් කර ඇති තත්වයක මානුෂීය අතින් මෙතරම් විශාල මුදලක් වියදම් කර තම සේවකයෙකු යවා ඇති මෙම සමාගමේ ක්‍රියාමාර්ගය පැසසිය යුතුය.

-ismath from KSA-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *