නවසීලන්ත, ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් බැතිමතුන් 51ක් ඝාතනය කළ ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

නවසීලන්ත - ක්‍රයිස්ට්චර්ච්

නවසීලන්ත - ක්‍රයිස්ට්චර්ච්

පසුගිය වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි තබා බැතිමතුන් 51ක් ඝාතනය කළ සිද්ධියේ වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

එරට මෙවැනි දඬුවමක් ලද පළමු පුද්ගලයා මොහු බව පැවසේ. නවසීලන්තයේ සිදුවුණු බිහිසුණුම වෙඩි තැබීමේ සිදුවීම ලෙස සැලකෙන්නේ මෙම ප්‍රහාරයයි.

ත්‍රස්තවාදය පිළිබඳ චෝදනාවක් මෙන්ම, පුද්ගලයන් 51ක් ඝාතනය කිරීම හා තවත් 41 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් මීට පෙර සිය වරද පිළිගෙන තිබුණි.

තීන්දුව ලබාදීමට පෙර මෙම නඩුව දින 04ක් පුරා අධිකරණය හමුවට ගැණුන අතර, සිද්ධියෙන් වින්දිතයන්ගේ ප්‍රකාශ 60කට වැඩි ප්‍රමාණයක් විභාග කෙරුණි.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ප්‍රහාරය ඉතා අමානුෂික බවයි. එම අපරාධයට සිරමැදිරියක් තුළ මියයනතුරු රඳවා සිටීමද ප්‍රමාණවත් දඬුවමක් නොවනු ඇති බව විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නඩුතීන්දුවට සහය පලකරමින් සහ සිද්ධියෙන් අසරණවූ මුස්ලිම් ජනතාවට සහය පලකිරීමට රැස්වූ ජනතාව

නවසීලන්ත - ක්‍රයිස්ට්චර්ච්
නවසීලන්ත - ක්‍රයිස්ට්චර්ච්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *