“එක රටක් එක නීතියක්” යන සංකල්පය මත රට ගෙනියන්න බෑ – ලක්ෂ්මන් කිරිඇල්ල

එක රටක් එක නීතියක්

එක රටක් එක නීතියක්

“විධායක ජනාධිපති බලතල නැති කරන්න එදා විරුද්ධ පක්ෂයේ ඉදගෙන අත්දෙකම ඉස්සූ අය දැන් 19වන ව්‍යවස්ථා සංශෝධනය ලහිලහියේ අහෝසි කිරීමට හේතු කුමක්ද?  එහිදී ස්වාධීන කොමිසම් සියල්ල අහෝසි වෙනවාද කියා අගමැති පිළිතුරු දිය යුතු බවත් එක රටක් එක නීතියක් යන සංකල්පය මත රට පාලනය කළ නොහැකි” බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදයේදී ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් ඔහු,

“පවතින නීති සියල්ල අහෝසි කරනවාද? යාපනයේ තේසවලාමෛ නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය, අනෙකුත් සාම්ප්‍රදායික නීති සියල්ල ඉවත් කරනවාද? මේ රටේ විවිධ ජාතීන්, විවිධ ආගම් තියෙනවා. එලෙස තිබියදී එක රටක් එක නීතියක් යන සංකල්පය මත රට පාලනය කළ නොහැකිය” මයනුවෙන් ඔහු පවසා සිටියේය.

එතුමා තවදුරටත් කරුණූ දක්වමින්, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොවිඩ් ගැටළුව පිළිබඳව කිසිදු කරුණක්වත් සඳහන් වී නොමැති බවත් එහි ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් කිසිවක් නොමැති බවත් අවදාරනය කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *