අපේ ජන බල පක්ෂයේ වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගැනීම, රතන හිමියෝ පොලිසිය මගහරිති…

රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අතුරලියේ රතන හිමයෝ එම පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (23) කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට වැඩම කර නැතැයි වාර්තා වේ.

අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජන බල පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට කළ පැමිණිල්ල කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී පෙරේදා(22) විභාගයට ගැණුනු නමුත් අතුරලියේ රතන හිමියෝ ඉට සහභාගී වී නොසිටිහය.

අනතුරුව පෙරේදා පස්වරුවේ අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවණ විහාරස්ථානයට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු පිරිසක් පැමිණි නමුත් එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැත.

පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ දී, ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණීමට උන්වහන්සේ එකඟ වී තිබුණි.

නමුත් ඊයේ පෙරවරු 09.00ට පමණ මේ සමබන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට වැඩම කර ඇති අතර රතන හිමියන් එම අවස්ථාවට පැමිණ නැත.

-LT-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *