නිවාස නොමැති 14000 දෙනෙකුට මාස 4කින් නිවසක් – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද

Indika Anuruddha - රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද

Indika Anuruddha - රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද

‘ඔබට ගෙයක් – රටට හෙටක්‘ ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ නිවාස නොමැති පවුල් සඳහා නිවාස ඉඳිකිරීමට නියමිත බව රජය නිවේදනය කර ඇත.

ඒ අනුව නිවාස නොමැති 14000 දෙනෙකුට මාස 4 ක කාලයක් තුළ නිවාස ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද ප්‍රකාශ කර ඇත.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතු කොට ගෙන මෙම නිවාස යෝජනා ක්‍රමය අත්හිටුවා ඇත. එම වැඩපිළිවෙළ නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වීම සඳහා වන පහසුකම් ඇති කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය විසින් අවධානයට ලක්කොට ඇති බවට තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *