ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත වූ අධ්‍යක්ෂිකා දීපා මේතාගේ, නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

නිම්මි හරස්ගම -nimmi harasgama funny boy

නිම්මි හරස්ගම -nimmi harasgama funny boy

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක වී තිබේ.

ශ්‍රී ලාංකිකයකු වන ෂ්‍යාම් සෙල්වදුරෙයි විසින් රචනා කරන ලද, ‘ෆනී බෝයි‘ කෘතිය ඇසුරින් මෙම සිනමාපටය නිර්මාණය කර තිබේ. මෙම සිනමාපටය මේ මස 14 දිනයේ කොළඹ දී සීමිත ලාංකිකයන් පිරිසකට ප්‍රදර්ශනය කරන ලදි. පසුව එය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ඉඩ සැලසෙනු ඇත.

අධ්‍යක්ෂකවරිය මීට පෙරදී ද සල්මන් රුෂ්ඩිගේ ‘මිඩ්නයිට් චිල්රන්‘ කෘතියෙන් 2012 වසරේදී එනමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ අතර, බප්සි සිද්වාගේ ‘ක්‍රැකිං ඉන්දියා“ කෘතිය අනුසරයෙන් ‘අර්ත්‘ සිනමාපටය එළිදැක්වූවාය. 1996 දී දීපා මේතා නිර්මාණය කළ ‘ෆයර්‘ සහ වසර 2005 දී නිර්මාණය කළ ‘වෝටර්‘ චිත්‍රපටය ලෝකය පුරා සිනමා ලෝලීන්ගේ සුවිශේෂී අවධානයට යොමු විය.

2007 වසරේ පැවති ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම විදෙස් භාෂා සිනමාපටයට වෝටර් සිනමාපටය නිර්දේශ විය. දීපා මේතාගේ සිනමාපට ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලැබීය. නිම්මි හරස්ගම ‘ඉර මැදියම’, ‘ආකාස කුසුම්’ වැනි සිනමාපටවලින් කැපීපෙනෙන ප්‍රතිභාවක් පළ කළ රංගන ශිල්පිනියකි.

(ඡායාරූපය – නිම්මි හරස්ගම ෆේස්බුක් පිටුවෙනි | ලංකාදීප – ඩිල්ෂානි චතුරිකා දාබරේ )

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *