දළදා මාළිගාවෙහි දිවුරුම් දීම සිංහල බෞද්ධ මහ ජාතියට ලබාදුන් පැහැදිලි සංඥාවක් – ආචාර්ය පාක්කියජෝති

ආචාර්ය පාක්කියජෝති සරවණමුත්තු

ආචාර්ය පාක්කියජෝති සරවණමුත්තු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය දළදා මාළිගාවෙහි දිවුරුම් දීම යන්න සිංහල බෞද්ධ මහ ජාතියගේ මූලිකත්වය පැහැදිලි කරන එක් සංඥාවක් බව, විකල්ප ප්‍රතිපත්ති සඳහාවූ ආයතනයෙහි අධ්‍යක්ෂ ආචාර්ය පාක්කියජෝති සරවණමුත්තු මහතා ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වු එතුමා,
දළදා මාළිගාව යනු ආගමික මෙන්ම ලෞකිකවාදය නියෝජනය කරන පදනමක් ලෙස සලකනු ලබයි. දන්ත ධාතූව කා සතුව පවතින්නේද ඔහු රට පාලනය කළ යුතුයි යන පදනම මත වූ පසුබිම දෙසද බැලිය යුතුයි.

පත්වී ඇති නව රජය තම මැතිවරණ ප්‍රචාරක කටයුතු මහ ජාතික බුද්ධාගම කේන්ද්‍ර කරගෙන සිදු කළේය. එලෙස පවතිද්දී දැනට ඔවුන් පැහැදිලි බහුතරයක් ලබා තිබෙන අවස්ථාවක එය භාවිතා කොට සියල්ලන්ම ප්‍රතික්ෂේප කර හෝ ස්ථිර ලෙසම දෙවන තත්වයේ ලා සලකන පුරවැසියන් බවට පත්කරන අයුරින් ඔවුන් තම බලය භාවිතා කරයිද යන ප්‍රශ්නය පැන නැගී ඇත. නමුත් ඔවුන් එලෙස ක්‍රියා නොකරනු ඇතැයි තමා සිතන බවත් සඳහන් කර ඇත.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *