ගෝඨාභයට කැමති නැතිවුනත්! මහජන කැමැත්ත මේ සඳහා පමණයි – බැසිල් රාජපක්ෂ‍

බැසිල් රාජපක්ෂ‍

බැසිල් රාජපක්ෂ‍

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අකමැති බව හිටපු අමාත්‍යවරයකු සහ ජනාධිපතිතුමාගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා විසින්, පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇතැයි සිංහල වෙබ් අඩවියක පළකොට ඇත‍.

එහි තවදුරටත් සඳහන් කොට ඇත්තේ,

“19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත් ජනාධිපති ධුර කාලය වසර හයක් බවට පත්වන බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජනාධිපතිවරයාට කැමත්තක් නොමැත. ජනතාව ලබා දුන් වසර පහක ජනවරම දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කැමති වන්නේ ද නැත.
18 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට එකඟත්වයක් නැත.”

වත්මන් ව්‍යවස්ථාවට කුඩා සංශෝධන කිරීමට වඩා සමස්තයක් ලෙස ව්‍යවස්ථාවම වෙනස් කිරීම වඩාත් උචිත වේ,අළුත් ව්‍යවස්ථාවක් හදිසියේ සම්මත කළ නොහැකිය, එබැවින් එයට දීර්ඝ කාලයක් අවශ්‍ය වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

-IBC තමිළ්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *