ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කෙරේ

ආචාර්ය හරිනි අමරසූරිය

ආචාර්ය හරිනි අමරසූරිය

2020 අගෝස්තු 05 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විය.
ඒ සඳහා ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීමට ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

එම තීරණය අද (12) දින මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *