රටේ සියලූම ජනයා හට වෙනස්කම් වලින් තොර සේවාවක් ලබා දිය යුතුයි – හිටපු කොටි නායක

රටේ සියලූම ජනයා හට වෙනස්කම් වලින් තොර සේවාවක් ලබා දිය යුතුයි - හිටපු කොටි නායක

රටේ සියලූම ජනයා හට වෙනස්කම් වලින් තොර සේවාවක් ලබා දිය යුතුයි - හිටපු කොටි නායක

බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් ආණ්ඩුව පිහිටුවීමේ බලය ලබාගත් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට සුභ පැතුම් එක්කරන අතර රටේ සියලූම ජනයා හට වෙනස්කම් වලින් තොර සේවාවක් ලබා දිය යුතුය, යන ඉල්ලීමද කරන බව පුනරුත්ථාපනය වූ හිටපු දෙමළ කොටි සංවිධානයේ නායක කේ.ඉන්බරාජා ප්‍රකාශ කර ඇත.

තවද, මෙම රට බහු වාර්ගික ජන කොටස් ජීවත්වන රටකි. මේ රට සමානාත්මතාවයෙන්ද කිසිදු මතභේදයකින්ද තොරව පාලනය කළ යුතුයි. එලෙසම ප්‍රදාන ගැටලුවක්ව පවතින දෙමළ ජනතාවගේ අභිලාෂයන් සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමෙහිද අගමැතිවරයා සැලකිලිමත් විය යුතුයි.

බහුතර ජන වර්ගයේ වැඩි කැමැත්ත ඇතිව සිදුකරන මෙම පාලනය මගින්, නව අගමැති විසින් ක්‍රියාත්මක කරන සියලු ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ ඒකමතික කැමැත්ත ලැබෙනු ඇත. සුළු ජන කොටස්වල අභිලාෂයන් සම්බන්ධයෙන්ද වැදගත්කමක් ලබා දීමෙන් මෙම රට සියලු ජන කොටසම ඇළුම් කරන රටක් ලෙස ගොඩනැගිය හැක.

රටේ පවතින සියලු සම්පත් සියලූම ජන කොටසකටම භාවිතා කළ හැකි පරිදි, සමානව සියලූ පෙදෙස්වලටම බෙදා සංවර්ධන කාර්යන් කළ යුතුයි. විශේෂයෙන්ම යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිකාවන් සම්බන්ධ ගැටළු, කොටි සාමාජිකයන් ලෙස පෙර සිටි අයවලුන්ගේ ජීවිකාවන් සම්බන්ධ ගැටලු යනාදියටද වැදගත්කමක් ලබා දිය යුතු බවද තවදුරටත් ප්රගකාශ කර සිටියේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *