ඉතාමත් දරුණු තත්වයක් ඇති වෙයි – සුමන්දිරන් අනතුරු අඟවයි

සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව හදිසියේම ඉවතට - පාගමනට එක්වීම හේතුව වේ

සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව හදිසියේම ඉවතට - පාගමනට එක්වීම හේතුව වේ

රට හමුදාකරනය වී ඇති බව මා පැවසූ විට එය ආණ්ඩුව සහ එයට සම්බන්ධ පක්ෂයන් පක්ෂ ප්‍රතික්ෂේප කළා, නමුත් දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම රටේ පරිපාලනය හමුදාවට භාර දීමට සමානයි යනුවෙන් සුමන්දිරන් අනතුරු අඟවා තිබේ.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

“රටේ සිවිල් පරිපාලනය සිදුකරන අභ්‍යන්තර කටයුතු පිළිබඳ විෂය කටයුතු මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට ගෙන ඒම යනු වඩාත් නරක තත්වයක් ඇති කිරීමට හේතු වනු ඇත.”

ඒ අතරම සියළුම නිලධාරීන් හමුදාව විසින් පාලනය කරන තත්වයක්ද උදාවන බව සුමන්දිරන් පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධතා පවත්වා ගැනීමට කැමති වන්නේ රටක සිවිල් පරිපාලනය සමඟයි. එවන් තත්වයකදී මෙය ප්‍රශ්න සහගත බව ඔහු පැවසීය.

ඒ අතරම, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිවිල් පරිපාලනය භාරදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සිටින සියලුම දෙමළ ඇමතිවරුන් වගකිව යුතු බව සුමන්දිරන් මහතා පැවසීය.

-IBC තමිළ්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *