ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුළු රකින්නෙකු වන ලංකා ද සිල්වා මහතා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර් කාලීන නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.
අයහපත් කාර්ය සාධනය හේතුකොට ගෙන ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් හර්ෂා ද සිල්වා මහතා ඉවත් කර ඇති අවස්ථාවේ, මොහුව මෙලෙස කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ සහ එක්දින තරඟ 11 ක ක්‍රීඩා කර ඇති ලංකා ද සිල්වා, මෙම වර්ෂය (2020) අවසානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුරේ ක්‍රියා කරනු ඇත.