ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මතිවානන්ගේ තැනට ජයන්ත ධර්මදාස පත්කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මතිවානන්ගේ තැනට ජයන්ත ධර්මදාස පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මතිවානන්ගේ තැනට ජයන්ත ධර්මදාස පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය ඉසිලූ, කේ මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සදහා, ජයන්ත ධර්මදාස පත් කර ඇති බව වාර්තා වේ.
නමුත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මතිවානන් මහතාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතික තීරණයක් ගෙන තිබු පසුබිමක ඔහු තම තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇති බවය.

නමුත්, කේ මතිවානන් මහතා ප්‍රකාශ කර තිබුණේ වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කරන බව පෙනී ගොස් ඇති නිසා, උපසභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්; මතිවානන්ගේ තැනට ජයන්ත ධර්මදාස පත්කරයි
-AD, LNW , TL –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *