කැබිනට් සහ රාජ්‍ය ඇමති ධුර 68ක්… දිවුරුම බදාදා …

ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ආරක්ෂා කිරීමට අධිකාරියක් පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරයි

ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ආරක්ෂා කිරීමට අධිකාරියක් පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරයි

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඇතුළත්ව අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් ලෙස 68කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය ඊයේ(10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.

අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිතුමා හමුවේ දිවුරුම් දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *