කුරුණෑගල නගරාධිපති අතුරුදහන්, යළි වරෙන්තු – ජොන්ස්ටන් ගැනත් විමර්ශනයක්…

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව විමර්ශනට පරීක්ෂණ කමිටුවක්..

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව විමර්ශනට පරීක්ෂණ කමිටුවක්..

ඓතිහාසික කුරුණෑගල බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහ‍ෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබූ අතර එම වරෙන්තුව අනුව ඊයේ (10) දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් යොදයා නගරාධිපතිවරයා ඇතුළු පිරිස සොයා මෙහෙයුම් දියත් කර ඇතත් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

මේ වනවිට නගරාධිපතිවරයා සිය නිවසේද නැති බවත් ඔහු අතුරුදහන වී ඇති බවත් වාර්තා වේ.

කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් ඊයේ දෙවන වරටත් වරෙන්තු නිකුත් කර තිබේ.

එසේම කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුන්ට රටින් පිටවීම වැළැක්වාලමින් නියෝගයක්ද නිකුත් කර ඇත.

සිද්ධිය සම්බන්ධ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ එක මයිල් ගහකට හානියක් වීමට ඉඩ තබන්නේ නැතැයි පොහොට්ටු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ දැනුම් දී තිබේ.
-LT, AD, NF –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *