Type to search

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලූ බදියුදීන්ගේ පෙත්සම ප්‍රතික්ෂේපවෙයි

Share

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ එම්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඬුල්ල ඊයේ (07) තීරණය කර තිබේ.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී විරෝධතාවක් මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙන්වා දී ඇත්තේ, පාස්කු ඉරු දින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනය සංකීර්ණ විමර්ශනයක් බවත් පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට තහනම් නියෝග නිකුත් කළහොත් පරීක්ෂණ ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවත්ය.

දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *