“ශානිට වෙඩි නොතබනු…”- මංගල සමරවීර

0
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශානි අබේසේකර මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට අදාළව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවතින නඩුවකට සාක්ෂි වසන් කර ඇති බවට චෝදනා කරමිනි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට අදාළ පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධිය විමර්ශණ සිදු කරනු ලැබුවේ ශානි අබේසේකර මහතා විසිණි.

ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

පහත දැක්වෙන්නේ, එම ට්වීටර් පණිවිඩයේ දළ සිංහල අදහසයි.

“ශානිට වෙඩි නොතබනු..!
ඔහු විමර්ෂකයා පමණයි.
තමන් සිදු කර තිබෙන විමර්ෂණවල නිරවද්‍යතාවය පිළිබදව කීර්තිමත් ඉතිහාසයක් ඇති, එමෙන් ම රාජපක්ෂ සහ සමාගම පිළිබදව විමර්ෂණ කටයුතු සිදු කරන ලද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිළධාරියා අත් අඩංගුවට ගෙන තිබේ. ඉදිරියේ දී පැමිණීමට නියමිත දඩයම පිළිබදව පෙර මඟ ලකුණු පහළ වීමක් මේ..!”
“ශානිට වෙඩි නොතබනු...”- මංගල සමරවීර

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *