නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධන…

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ දී , මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ , ඊයේ දිනයේ පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේදී ය.

2003 වසරේ සිට 2013 වසර තෙක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය වැඩි වී ඇති බවට දැක ගත හැකි විය.

2003 වර්ෂයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් 05 දෙනෙකු පමණක් බඳවා ගෙන තිබුණු අතර 2012 වසරේ දී එම ගණන 78 දක්වා වැඩි විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 25.24% කි.

එයට හේතුව කුමක් ද යන්න ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ප්‍රශ්න කළ විට, එය අධිකරණ අමාත්‍යංශයේ ගැටළුවක් ලෙස ද, එය රටේ ගැටළුවක් බවට පත්ව ඇති බව පෙනී යන බව ද නිලන්ත ජයවර්ධන මහතා තව දුරටත් ප්‍රකාශ කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *