ශ්රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික ගිවිසුමකට අත්සන්!
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුණ හේමචන්ද්ර මහතා 2026 ඔක්තෝබර් 27 වන දින අංකාරා නුවරදී තුර්කි ජනරජයේ කෘෂිකර්ම හා වනග්රහණ නියෝජ්ය අමාත්ය ආචාර්ය අහ්මෙට් බාග්චි (Dr. Ahmet Bağcı) මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාවලදී කෘෂිකාර්මික සංවර්ධනය, නවීන ගොවිතැන් තාක්ෂණයන්, පර්යේෂණ සහ නවෝත්පාදන, දැනුම හුවමාරු කර ගැනීම, ධාරිතා වර්ධනය සහ දෙරටේ කෘෂිකාර්මික ආයතන අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවස්ථා ඇතුළු දෙපාර්ශ්වයටම වැදගත් වන ක්ෂේත්ර පිළිබඳව අවධානය යොමු විය.
කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවීන්ට සහාය වීම, තිරසාර කෘෂිකාර්මික පද්ධති ප්රවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. ද්විපාර්ශ්වික සබඳතා දෙරටේම කෘෂිකාර්මික ක්ෂේත්රවලට ප්රතිලාභ අත්කර දෙන ප්රායෝගික වැඩපිළිවෙලවල් බවට පත්කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.
මෙම සංචාරය අතරතුර, ශ්රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබන ලද අතර, එමගින් දෙරට අතර වඩාත් සමීප සහයෝගීතාවයක් සඳහා වූ රාමුවක් සකස් කෙරිණි.
නියෝජ්ය අමාත්ය හේමචන්ද්ර මහතා ආචාර්ය බාග්චි මහතා වෙත සිය උණුසුම් ආගන්තුක සත්කාරය, ඵලදායී සහභාගීත්වය සහ ශ්රී ලංකාව හා තුර්කිය අතර පවතින දීර්ඝකාලීන මිත්රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.



