පළාත් සභා ක්‍රමය අනවශ්‍යයි, ශක්තිමත් විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යයි – මිලින්ද මොරගොඩ

මිලින්ද මොරගොඩ

මිලින්ද මොරගොඩ - milinda moragoda

කොරෝනා වසංගතයට පසු ලෝකයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ශක්තිමත් විධායක ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය ඇමති සහ පාත්ෆයින්ඩර් සංවිධානයේ සභාපති මිලින්ද මොරගොඩ මහතා පවසා ඇත.

කොරෝනා වෛරසය පැතිරෙන මුල් දිනවල ශක්තිමත් විධායක තීරණ ක්‍රියාත්මක කිරීම හේතුකොට ගෙන රට ඇතැම් යහපත් ප්‍රතිඵල අත්කර ගත් බව කිසිදු සැකයක් නොමැති බව ඔහු පැවසීය.

මේ හේතුවෙන් මරණයන් බොහෝමයකින් ආරක්ෂා කර ගත හැකි විය. විචක්ෂණශීලීව ක්‍රියා කරන නමුත් පාර්ලිමේන්තුවට වගකියන ශක්තිමත් විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙහිලා බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවත් සාකච්ඡාවට බඳුන් කළ යුතු බවත් පවසා සිටියේය.

සියලු ශ්‍රී ලාංකිකයන් විසින්ම තෝරා පත් කරනු ලබන්නේ ජනාධිපති පමණි යනුවෙන් සඳහන් කළ මිලින්ද මොරගොඩ, මෙම තනතුරෙහි සිටින්නා සෑම පුරවැසියෙකුටම වග විය යුත්තෙක් විය යුතු බවත් ප්‍රකාශ කළේය.

මහ ජනතාවගේ එදිනෙදා ගැටලුවලට විසඳුම් සෙවීමට පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි, ප්‍රාදේශිය සභා, නගර සභා වැනි පළාත් පාලන ආයතන ශක්තිමත් කළ යුතුයි යන යෝජනාවක්ද මිලින්ද මොරගොඩ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

– තිනක් කුරල්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *