අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගම්මිරිස් මිළ හා සිරගතව සිටින ඉබ්රාහීම් සම්බන්ධ කතාව

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කල ගම්මිරිස් මිළ හා සිරගතව සිටින ඉබ්‍රාහිම් සම්බන්ධයෙන් කළ කතාව

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කල ගම්මිරිස් මිළ හා සිරගතව සිටින ඉබ්‍රාහිම් සම්බන්ධයෙන් කළ කතාව

ව්‍යාපාරික මොහොමඩ් ඉබ්රාහීම් සිරගත කර ඇති හෙයින් ගම්මිරිස් නිෂ්පාදකයින්ට ලබා ගත හැකි මිළ පහත වැටී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා අපනයනය අඩාල වී ඇති හෙයින් ද, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අපනයන ව්‍යාපාරික ඉබ්රාහීම් මහතා සිරගත කිරීම හේතුවෙන් ඔහුගේ ව්‍යාපාර කඩා වැටීම යන කරුණු හේතු කොට ගෙන ද ගම්මිරිස් මිළ පහත වැටී ඇති බව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

මොණරාගල ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර පැවති දේශපාලන හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඔහු තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය වූ පසු අපනයනය නැවත ආරම්භ කිරීමෙන් ගම්මිරිස් මිළ සම්බන්ධ ගැටළුවට විසඳුමක් ලැබේ යැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

මීට පෙර බඩල් කුඹුරෙහි ගම්මිරිස් වගාවන්ට හොඳ මිලක් ලැබුණ ද කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා එහි මිළ පහත ගොස් ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ කොළඹ ශ්‍රැන්ගිලා හෝටලය වෙත සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයේ බෝම්බකරුවන් ඉම්සාන් අහමඩ් ඉබ්රාහීම් හා ඉල්හාම් අහමඩ් ඉබ්රාහීම් යන අයගේ පියා වන්නේ ද දැනට සිරගත කර ඇති ව්‍යාපාරික ඉබ්රාහීම් මහතා ය.
-Tamilwin

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *