අමානා බැංකුව : ව්‍යාජ ප්‍රචාරණ වලට රැවටෙන්න එපා!

අමානා බැංකුව

අමානා බැංකුව

අමානා බැංකුව පිළිබඳ විවිධ තොරතුරු සමාජ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වෙමින් පවතී, එම තොරතුරු සාවධ්‍ය බවයි එම බැංකුව පවසන්නේ.
අමානා බැංකුව විසින් එම අසත්‍ය ප්‍රචාරයන් වලට ප්‍රතිචාරයක් ලෙස සමාජ මාධ්‍යයන් වලට මුදා හැර තිබු සටහනක් අපටත් ලැබී ඇත.

එම සටහන පහත දැක්වේ….

“අමානා බැංකුව පිළිබඳ අසත්‍ය තොරතුරු විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වන අතර එහි කිසිදු සත්‍යතාවක් නොමැත.

බැංකුවෙහි ස්ථාවරත්වය, ඇගයීම් සහ කාර්ය සාධනයන් පිළිබඳ සත්‍ය තොරතුරු සැලකිල්ලට ගනිමින් එවන් ප්‍රචාරණවලට නොරැවටෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අමානා බැංකුව පිළිබඳ සත්‍ය තොරතුරැ, බැංකුවෙහි වෙබ් අඩවිය, නිල ෆේස්බුක් පිටුව, කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස නිකුත් කරන ලද නිල ප්‍රකාශන සහ පිලිගත් මාධ්‍යයන් හරහා පළ කරන ලද නිල ප්‍රකාශන තුලින් ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමු.

අමානා බැංකුවේ මෑත කාලීන ක්‍රියාකාරිත්වය දැන ගැනීමට සහ බැංකුවේ ප්‍රගතිය තහවුරු කරමින් ෆිච් රේටිංග්ස් ආයතනය මගින් බැංකුවේ ශ්‍රේණිගත කිරීම ‘BB+ (lka) ස්ථාවර’ දක්වා ඉහල නැංවීම පිළිබඳ වැඩි විස්තර සඳහා පහත සඳහන් ප්‍රවෘත්ති නිවේදන දෙස යොමු වන්න.”

🔘 2019 ගිණුම් වර්ෂයෙහි ප්‍රගතිය – Daily FT www.ft.lk/financial-services/Amãna-Bank-records-resilient-performance-in-2019/42-696831
🔘 නවතම ප්‍රකාශිත 2020 කාර්තුමය ප්‍රගතිය – Daily FT www.ft.lk/financial-services/Amãna-Bank-continues-profit-momentum-in-Q1-Records-strong-growth-in-deposits/42-700456
🔘 ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව නවතම ශ්‍රේණිගත කිරීම ඉහළට – Daily FT www.ft.lk/financial-services/Amãna-Bank-Fitch-Rating-moves-upward-to-BB-lka/42-701624

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *