ජාතිය ශ්‍රී ලාංකික වන උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ මේ රටේ කෙරෙන්නේ නැහ – විමල් (Video)

ජාතිය ශ්‍රී ලාංකික වන උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ මේ රටේ කෙරෙන්නේ නැහ - විමල්

ජාතිය ශ්‍රී ලාංකික වන උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ මේ රටේ කෙරෙන්නේ නැහ - විමල්

නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල ශ්‍රි ලාංකික යනුවෙන් පමණක් සඳහන් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගෙන ඇති බව පවසන තීරණය වෙනස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැන් වූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

“මම මේක ජනාධිපතිතුමාටත් කිව්වා, මොන නිලධාරියා පරණ සංකල්පවල ඉඳගෙන මොන බේගල් ඇද බාවත්, ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ කෙරෙන්නේ නැහැ” ඔහු අවධාරණය කළේය.

මව සහ පියාගේ විවාහ, අවිවාහක බව උප්පැන්නයෙන් ඉවත් කිරීමටත් ජාතිය ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීමටත් පියවර..

රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන්.සී. විතානගේ මහතා
රෙජිස්ට්‍රාර් ජෙනරාල්
එන්.සී. විතානගේ මහතා

උප්පැන්න සහතිකයෙන් මව හා පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කර තිබුණේ , මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි.

මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බව ද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *