ද්‍රවිඩ තරුණයන් ආයුධ අත දැරීමට හේතුව ශ්‍රී ලංකාවේ දකුණේ දේශපාලනඥයෝ – ජනාධිපති නීතිඥ තවරාසා

ජනාධිපති නීතිඥ තවරාසා

ජනාධිපති නීතිඥ තවරාසා

S.W.R.D බණ්ඩාරනායක – සෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, ද්‍රවිඩ තරුණයන් ආයුධ අත දැරීමට සිදු වූ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක R. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව ජනාධිපති නීතිඥ තවරාසා පැවසීය.

යාපනයේ ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් මේ මස 21 වැනි දින පැවති ප්‍රචාරණ රැළියකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව ඔහු තව දුරටත් අදහස් දක්වමින්,

“2011 වර්ෂයේ පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක R. සම්බන්ධන් මහතා, ද්‍රවිඩ ජාතික තරුණයින් නොමඟ යවමින් ඔවුන්ව ආයුධ අත දැරීමට පෙළඹවූ බව ප්‍රකාශ කර තිබිණි”.

1956 වර්ෂයේ S.W.R.D. බණ්ඩාරනායක – සෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ නිසා මේ තත්ත්වය ඇති වූ බව ද ඔහු පවසා සිටියේ ය.

නමුත් දැන් ද්‍රවිඩයන් වන සියල්ලන්ටම ඡන්දය නැමැති ආයුධයක් ලැබී ඇත. එය ලබන අගෝස්තු 05 වන දින නිවැරදිව භාවිතා කර නිවස ආරක්ෂා කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.
-tamilwin-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *