සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රකාශයට විරෝධය පා PHIලා කොරෝනා මර්දන සේවාවලින් ඉවත් වෙයි

සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රකාශයට විරෝධය පා PHIලා කොරෝනා මර්දන සේවාවලින් ඉවත් වෙයි

සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රකාශයට විරෝධය පා PHIලා කොරෝනා මර්දන සේවාවලින් ඉවත් වෙයි

කොවිඩ් 19 වෛසරය මර්දනය කිරීමේ සියලු රාජකාරිවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ(17) දහවල් 12.30 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කළ බවයි එම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹ තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිකුත් කළ ලිපියේ සඳහන් වන්නේ මැතිවරණ මාර්ගෝපදේශ අද දිනයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන නමුත් මහජනතාව පීඩාවට ලක්වීම වැලැක්වීම සඳහා, මහජන පරීක්ෂකවරුන්ට බලය ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විසින් වාර්තා කර ඇති බවයි.

මෙම ප්‍රකාශය හරහා කිසිදු නීතිමය රැකවරණයක් නොමැතිව තමන්ට රාජකාරී සිදු කිරීමට සිදුව ඇති බවත්, අවම පහසුකම් හා විවිධ පීඩා දරා ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන සේවය මහජන පීඩාවක් ලෙස සැලකීමට දැඩි විරෝධය පළකරන බවත් එම සංගමය පවසනවා.

 

සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රකාශයට විරෝධය පා PHIලා කොරෝනා මර්දන සේවාවලින් ඉවත් වෙයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *