වෛරසය රට පුරා උග්‍ර වුවත් PCR පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කඹ ඇදිල්ලක්…

Ravi Kumudesh - රවී කුමුදේශ්

Ravi Kumudesh - රවී කුමුදේශ්

කොවිඩ් – 19 වෛරසය රට පුරා උග්‍ර වුවත් PCR පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කඹ ඇදිල්ලක් පවතින බව “වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය” සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලේකම්රයාට ලිපියක් යොමුකරමින් දන්වා ඇත.

“ලෝකයටම තර්ජනයක් වී ඇති කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය PCR පරීක්ෂණ ධාරිතාව වැඩි දියුණු කිරීමට අප වෘත්තිකයන් දැඩි ලෙස උත්සාහ දැරූව ද විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සිය පුද්ගලික කෝන්තර මත එයට අනවශ්‍ය ලෙස බාධා ඇති කරමින් සිටී.

රෝහල් හා සෞඛ්‍ය ආයතන සතු වෛද්‍ය රසායනාගාරවල කටයුතු අඩු පාඩුවකින් තොරව සිදු කිරීමට භාර ගන්නා අතරම අත්‍යවශ්‍ය නිළධාරීන් කොවිඩ් පරීක්ෂණ රසායනාගාර සඳහා ස්වේච්ඡාවෙන් නිදහස් කර හැරීමට අප නිළධාරීන් කටයුතු කරනු ලැබුවද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ, ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ජයන්ති ඇල්විටිගල සහ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.

ලතාහරන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඊට බාධා ඇති කරන ලදී. කෙසේ නමුත්, මේ වන විට අදාළ නිළධාරීන් සේවයෙන් නිදහස් කිරීම සඳහා අනුප්‍රාප්තික නිළධාරීන් ද ලබා දී තිබියදී, පිළිවෙලින් ගුවන් තොටුපළ අණුක ජීවි රසායනාගාරයට මුදා හැරිය යුතු නිළධාරීන් මුදා හැරීම වළක්වාලමින් ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් කොවිඩ් PCR රසායනාගාර කටයුතු සඳහා තව දුරටත් බාධා කරමින් සිටී.

ජාතික ව්‍යසන අවස්ථාවක දී පවා සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට තනතුරේ බලතල අව භාවිතා කරන උක්ත නිළධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කරන ලෙසත් අදාළ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් සේවයෙන් මුදා හැරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින අතර එසේ නොමැතිව එම රසායනාගාර කටයුතු අඩපණ වීමේ වගකීම අප වෘත්තිකයන් වෙත නොපවරන ලෙස ඉතා ඕනෑකමින් පෙන්වා දෙමු.”

ඉහත සඳහන් ලිපිය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබීය.
PCR පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කඹ ඇදිල්ලක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *