ලංකාවේ පළමු ‘Drive-thru’ රුධිර සාම්පල් එකතු කිරීමේ ඒකකය ලංකා හොස්පිටල්ස් වෙතින්

ලංකාවේ පළමු ‘Drive-thru’ රුධිර සාම්පල් එකතු කිරීමේ ඒකකය ලංකා හොස්පිටල්ස් වෙතින්

ලංකාවේ පළමු ‘Drive-thru’ රුධිර සාම්පල් එකතු කිරීමේ ඒකකය ලංකා හොස්පිටල්ස් වෙතින්

වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ ලොව ඉහළතම තත්ත්ව සහතික ලත් ලංකා හොස්පිටල්ස් රසායනාගාරය ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළමු වරට ‘Drive-thru’ රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ.

ලංකා හොස්පිටල් පරිශ්‍රයේම ස්ථාපිත කොට ඇති මෙම ‘Drive-thru’ රුධිර සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානයේ එක් අයෙකුට සේවාව ලබාදීමට ගතවන්නේ විනාඩි 10ක් වැනි ඉතා කෙටි කාලයකි. කාලීන අවශ්‍යතාවක් වන සමාජ දුරස්ථබව සුරක්ෂිත කරමින්, රැඳී සිටිය යුතු කාලය අවම කරමින්, වාහනය තුළම රැඳී සිටිද්දී සේවාව ලබාගත හැකි ආකාරයෙන් මෙම ‘Drive-thru’ රුධිර සාම්පල් එකතු කිරීමේ සේවාව ක්‍රියාත්මක වේ.

ලංකා හොස්පිටල්ස් රසායනාගාර කණ්ඩායම විසින් ‘Drive-thru’ රුධිර සාම්පල් එකතු කිරීමේ සේවාව සෑම දිනකම උදෑසන 7 සිට සවස 5 දක්වා පුරා පැය 10ක අඛණ්ඩ සේවාවක් දැනට ලබාදෙන අතර, ඉදිරියේදී එම සේවා වේලාව දීර්ඝ කිරීමෙහිලා අපේක්ෂා කරයි.

සැමවිටම ලොව ඉහළම තාක්ෂණික ක්‍රමවේදයන් ලංකා හොස්පිටල්ස් රසායනාගාරයේ භාවිතා වන්නාසේම එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ඒ ඒ කටයුතු සඳහා වෘත්තීය සුදුසුකම් සපුරාලූ පළපුරුදු සේවක මණ්ඩලයකි. රෝගීන් වෙත හෘදයාංගම සේවාවක් සපයන්නට ලංකා හොස්පිටල්ස් රසායනාගාරය නිරතුරුව කැපව සිටියි.

ශ්‍රී ලාංකීය ජනතාව සුවපත් කිරීමෙහිලා ලංකා හොස්පිටල්ස් රසායනාගාරය 1,050 කට අධික වෛද්‍ය පරීක්ෂණ සේවා ක්‍රියාත්මක කරමින්, දීප ව්‍යාප්ත සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථාන 900 ක් පවත්වාගෙන යනු ලබයි.
-lankaweb-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *