“අපට පොසිටිව් වන රෝගීන් – රජයට නෙගටිව් වීම ප්‍රශ්නයක්”- ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පීසීආර් සිදු කිරීමෙන් ඉවත් වේ

University of Sri Jayewardenepura

University of Sri Jayewardenepura

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ.

මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම අවසන් වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා තමන් ඉන් ඉවත් වන බවයි.

වෛරසය ආසාදනය වූ බවට සියයට සියයකම විශ්වාසයෙන් යුතුව තමන් ලබා දුන් වාර්තා කිහිපයක් ම, එම පරීක්ෂණ වාර්තා වැරදි බවට සදහන් කරමින් රජය ප්‍රතික්ෂේප කර තිබෙන ඔවුන් පවසයි.

ජිංතුපිටියෙන් වාර්තා වූ ආසාදිතයගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබුණේ ද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනාගාරය මගිනි. එම පී.සී.ආර්. පරීක්ෂණයේ දී අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සහතික කර තිබුණ ද, රජය පසුව පවසා තිබුණේ, එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු නොවන බව යි.

රට තුලින් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යා විස්තර සකස් කිරීමේ දී එම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස ඇතුළත් කර නැති බව ද පැවසේ.

කෙසේ වෙතත්, මේ වන විට, අව්‍යශ්‍ය තරමට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාවය රජය සතුව ඇති නිසා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පරීක්ෂණ සිදු කිරීමට අත් හැරීමට ගෙන තිබෙන තීරණය එතරම් බලපෑමක් ඇති නොකරන බවද සෞඛ්‍ය අංශ බලධාරීන් පවසා තිබේ.

-ඉරිදා මෝනිං පුවත්පත ඇසුරෙන්  headlinenews හි පලවූ පුවතකි-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *