තුනෙන් දෙකක් දුන්නොත් “අනාගතය භයානකයි” -එදා බහුතර බලයක් ඉල්ලුවේ හිට්ලර් පමණයි (video)

ගාමිණි වියන්ගොඩ

ගාමිණි වියන්ගොඩ

රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදිරි මැතිවරණයේදී විශාල බලයක් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජ්‍ය තන්ත්‍රයක් පිහිටුවීම වෙනුවෙන් බවට
ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කළ සිවිල් සමාජ ක්‍රියාධරයෙක් අනතුරු අඟවයි.

යම් කිසි පක්ෂයක් හෝ නායකයෙක් විශාල බලයක් ඉල්ලා සිටින්නේ නම් එම බලය ඔහු භාවිත කරන්නට යන්නේ රටේ සුභ සිද්ධියට නොව “වෙනත් කරුණක්” වෙනුවෙන් බව එම ඉල්ලීම තුළ ගැබිව ඇති බවයි සිවිල් සමාජ ක්‍රියාධර හා ගත් කතුවර ගාමීනී වියන්ගොඩ පවසන්නේ.

“වර්තමානයේ පවතින ඒ වෙනත් කාරණය තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධි, ඒකාධිකාරී, මර්ධනකාරී රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගීමට ”

ඔහු ඒ බව සදහන් කළේ “ආපස්සට නොව ඉදිරියට” යන්න තේමා කරගනිමින් ජුලි 08 බදාදා කොළඹ නව නගර ශාලාවේදී “නිදහස” නමින් නව සංවිධානයක් ජනගත කිරීමේ සම්මන්ත්‍රණය අමතමිනි.

ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවු පරිදී අද වන විට රාජ්‍ය පාලනයට හමුදාව සහභාගී කරගනිමින් සිටින බව එහිදී පෙන්වා දුන් ගාමිනී වියන්ගොඩ අවධාරණය කළේ, සිවිල් පරිපාලනයත් හමුදා කොටස් අතට පත් කරමින් සිටින බවයි.

“සෞඛ්‍ය අංශයද, කෘෂි කර්මයද, මේ සෑම තැනකම මුලිකත්වයට පත් කර ගන්නේ හමුදාවේ විශ්‍රාමික පුද්ගලයන් ”

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරමින් විධායක ජනාධිපතිවරයාගේ බලය ශක්තිමක් කළ යුතු බව පවසන අතර තුරම රාජ්‍ය පරිපාලනයේ මර්මස්ථාන සදහා හමුදා නිලධාරීන් පත් කරන බව පෙන්වා දෙන ගාමිනි වියන්ගොඩ එහිදී වැඩි දුරටත් අවධාරණය කළේ, එම අංශ දෙක එකට එකතු කළ විට ඉතාමත්ම භයානක අනාගතයක් ඉදිරියේ පවතින බව මැනවින් පැහැදිලි වන බවයි.

යහපාලනයේ ආශිර්වාදය

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ අත්කරගත් ජයග්‍රහනය යහපාලන ආණ්ඩුවේ “නොකර හැරීම් වල ආශිර්වාදයේ” ප්‍රතිපලයක් බව මෛත්‍රී-රනිල් රජය බලය පත්කිරීමට වෙහෙසුනු ගාමිනි වියන්ගොඩගේ අදහසයි.

ශ්‍රී ලංකාව සදහා නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව පවසන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජුනි 8 බදාදා නෙලුම් මාවත පිහිටි කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලා තිබුනේ ඒ සදහා ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට “පැහැදිලි බලයක්” ලබා දෙන ලෙසයි.

වෙනත් පක්ෂ වලට ආණ්ඩුවට හවුල් වීමේ ඉඩක් ලබා නොදෙන ලෙසට ඉඟි කරමින් ජනපති, අගමැති සොයුරා වැඩි දුරටත් කියා තිබුනේ එසේ වුවහොත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට යාමේදී ඉදිරියේ පත්වන ආණ්ඩුවට “ප්‍රාණ ඇපකරුවන්” වීමට සිදු වන බවට බිය පල කරමිනි.

-theleader-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *