මංගලගේ ජනාධිපති සිහිනය..

mangala samaraweera

තමාට ද ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සිහිනයක් ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ය. ඔහු තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“අනෙක් අය මෙන්ම, මමත් ජනාධිපති වශයෙන් සිටීමට කැමතියි, තවද පළාතේ ප්‍රබල දේශපාලනඥයෙකු වීමට ද ඡන්ද අවශ්‍යයි”.

පාර්ලිමේන්තු දේශපාලනයෙන් පමණක් තමා ඉවත් වන බවත්, රටේ බොහෝ ප්‍රදේශ තවමත් සංවර්ධනය වී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මේ රටේ සිටින සෑම නායකයෙකුම හොඳ අරමුණකින් තෝරා පත් කර ගනු ලබයි; එසේ වුනත්, ඔවුන් කිසි කෙනෙක්ට තමා වටා සිටින අයට විරුද්ධවීමට ශක්තියක් නැත.” යනුවෙන් සමරවීර මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ ඉතාමත් ශ්‍රේෂ්ඨ ජනාධිපතිනියක් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වෙනසක් ඇති කිරීමට ප්‍රබල උත්සාහයක් දැරීය. නමුත් අවාසනාවන්ත ලෙස ඇයට අවශ්‍ය සහයෝගය නොලැබුණු බව ද මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අග්‍රාමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ පිළිබඳවද අදහස් දක්වමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ,

“මහින්ද රාජපක්ෂ ද හොඳ අරමුණකින් තෝරා ගනු ලැබිණි, එනමුත් රණවිරුවන් ලැබූ ජයග්‍රහණය මුල් කර ගෙන, ඔහුටත් අධික බලයකට කෑදරකමක් ඇති විය.”

“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද ක්‍රමක්‍රමයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් , හොරුන්ගෙන් සහ ජාතික වස්තු කොල්ලකරුවන්ගෙන් යුත් ගුහාවක් බවට පත් වෙමින් පවතී.” යනුවෙනුත් ” නව පාතාල කල්ලියක් ද බිහි වෙමින් පවතියි ” ලෙසත් හිටපු අමාත්‍ය අදහස් දැක්වී ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කිසිවිටෙකත් පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයක් ලබා ගත නොහැකි බව සඳහන් කළ මංගල සමරවීර මහතා ඔවුන් එය ලබා ගතහොත් එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බවත් ප්‍රකාශ කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *