තම තනතුරුවලින් ඉවත්වන බවට මෛත්‍රීගෙන් ප්‍රකාශයක්…

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් ගැළපෙනවා - මෛත්‍රීපාල සිරිසේන
එළඹෙන මහ මැතිවරණයෙන් පසු පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන ලදී.
කළුතර පැවැති මහජන රැස්වීමක දී ඔහු මේ බව පැවසී ය.
පක්ෂය දුර්වල වූ බවට සමහරු ප්‍රකාශ කළත්, එවැනි පසුබැසීමක් හෝ දුර්වල වීමක් පක්ෂයේ සිදු නොවූ බවට ද ඔහු වැඩි දුරටත් පැවසී ය.
අනාගතයේ පක්ෂයේ අනුශාසකයා ලෙස සිටිමින් තරුණ පරපුරට පක්ෂය භාර කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
සාම්ප්‍රදායික දේශපාලනයේ සිට නැවතත් උගත් නව චින්තනයන් ඇති තරුණයන්ට නිදහස් පක්ෂය භාර කිරීමට සිටින බවටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ ය.
-ibctamil-