ප්‍රංශයේ නියෝජ්‍ය නගරාධිපති ධූරයට ශ්‍රී ලාංකික කාන්තාවක්…

සෙර්ජියා මහේන්ද්‍රන්(Cergya Mahenran)
සෙර්ජියා මහේන්ද්‍රන්(Cergya Mahenran)

ශ්‍රී ලංකා  කාන්තාවක් වන සෙර්ජියා මහේන්ද්‍රන්(Cergya Mahenran) ප්‍රංශයේ නියෝජ්‍ය නගරාධිපති ලෙස පත් කර තිබේ.

පැවති මහ නගර සභා මැතිවරණයේ දෙවන වටයෙන් තේරී පත් වූ බෙනොයිට් ජිමෙන්(Benoit Jimenez) සමඟ එක් වී 50.84% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් පෙරේදා දිවුරුම් දුන්නේ ය.

ඇය යළිත් වරක් ප්‍රංශයේ 95 වන කලාපයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අතර ඉහළ තනතුරු කිහිපයක් ද දැරී ය.

තවද මෙම මහ නගර සභා මැතිවරණයේ දී ආදි පරමේශ්වරී සදාසිවම් (පාණ්ඩිචෙරි) සහ කාර්තික් චන්ද්‍රමූර්ති යන අය මහ නගර සභා සභිකයන් ලෙස තේරී පත් වී ඇත.

යාපනයේ, කොළබතුරෙයි හි පදිංචි සෙල්ලප්පා මහේන්ද්‍රන් – දේවි යන යුවළගේ දියණිය වන සෙර්ජියා ප්‍රංශයේ නීතිවේදී උපාධියක් ලබා ගෙන නීතීඥවරියක් වශයෙන් ද කටයුතු කරයි.

තරුණ වයසේදී ම සමාජ සේවයට උනන්දු වූ ඇය, ඇය කළ මහජන සේවාවන් වෙනුවෙන් ඇය ජීවත් වන ගාර්ජ් ලි ගොනෙස් හි පමණක් නොව අවට ග්‍රාමයන් වන සාර්සෙල්ස් (sarcelles) ඩග්නි (Dugny) යන ග්‍රාමයන්වල ද වාසය කරන ජනතාවගේ ආකර්ෂණය දිනා ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *