සිංගප්පූරුව යලිත් පාලන පක්ෂයට…

Singapore's Prime Minister Lee Hsien Loong waves as he arrives at a People's Action Party branch office, as ballots are being counted during the general election, in Singapore July 11, 2020. REUTERS/Edgar Su

සිංගප්පූරු මහ මැතිවරණයේ දී මහජන ක්‍රියාකාරී පක්ෂය ආසන 93න් ආසන 83ක් දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත.

මෙවර මහ මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂයට සියයට 61.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බව ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි.
එම පක්ෂය, 2015 දී පැවති මහ මැතිවරණයේ දී සියයට 70ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන බහුතර ආසන සංඛ්‍යාවක් අත්පත් කරගෙන බලයට පත්වීම සැලකිය යුතු කරුණකි.

මෙවර මහ මැතිවරණයේ දී විරුද්ධ පක්ෂය ලෙස ඉස්මතු වූ කම්කරු පක්ෂය අත්පත් කරගෙන ඇත්තේ ආසන 10ක් පමණි.

කෙසේ වෙතත්, සිංගප්පූරු දේශපාලන ඉතිහාසයේ කම්කරු පක්ෂය විසින් ලබා ගත් වැඩිම ආසන සංඛ්‍යාව ලෙස මෙම ආසන 10 සඳහන් කළ හැකි ය.

කොරෝනා වෛරසය මධ්‍යයේ දැඩි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම මහ මැතිවරණය පැවැත් වූ බවට ජාත්‍යන්තර පුවත් ආරංචි මාර්ග පවසයි.

මේ අනුව සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස සැලකෙන ලී ක්වාන් යූගේ පුත්‍රයා වන ලී සියෑං ලුං යළිත් වරක් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පාලන බලය හිමි කර ගත්තේ ය.

එමෙන්ම, කොවිඩ් 19 වසංගත තත්ත්වය අතරතුර මහ මැතිවරණ පැවැත් වූ රටවල් කිහිපය අතරට සිංගප්පූරුව ද අයත් වේ. පසුගිය අප්‍රේල් මාසයේ දී දකුණු කොරියාවේත්, පසුගිය ජූනි මාසයේ දී සර්බියාවේත් ජාතික මැතිවරණ පවත්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *