ලෝක බැංකු වර්ගීකරණයන්ට අනුව, ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙසට කාණ්ඩ ගත කර තිබේ.
ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වර්ෂයක ම ජූලි 01 දින යාවත්කාලීන වේ. ලොව විවිධ රටවල දළ දේශීය ඒක පුද්ගල ආදායම් අනුව කාණ්ඩ 4ක් යටතේ ලෝක බැංකු විසින් මෙම වර්ගීකරණය සිදු කරනු ලබයි. එනම් පහළ ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම්, සහ ඉහළ ආදායම් ලබන රටවල් වශයෙනි. ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය.
මේ අනුව, ලෝක බැංකු පවසන පරිදි ඇල්ජීරියාව, ශ්‍රී ලංකාව හා සුඩානය වර්ගීකරණයට අනුව පෙර සිටි මට්ටමට වඩා පහළ මට්ටමට වැටුණු රටවල් වේ.
ඉකුත් වසරේදී ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4060ක් වූ ශ්‍රී ලංකාවේ මේ වසර වන විට දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4020ක් දක්වා පහළ බැස තිබේ.
ලෝක බැංකු ක්‍රමවේදයට අනුව,
කෙසේ වෙතත්, පසුගිය වර්ෂයේදී මෙම වර්ගීකරණය සිදු කිරීමේදී ඉහළ මැදි ආදායම් කාණ්ඩය ලෙස සලකා ඇත්තේ ඩොලර් 3,996 – 12,375 ඒක පුද්ගල ආදායම් කාණ්ඩයයි. මේ අනුව වර්ගීකරණය සඳහා යොදා ගනු ලබන පරාසය පුළුල් වීම ද ශ්‍රී ලංකාව ශ්‍රේණියෙන් පහළ වැටීමට බලපා තිබේ.