කළුතර නගරාධිපති අත්අඩංගුවට…

0
සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්තඩංගුවට, කෝටි 9 ක මූල්‍ය අක්‍රමිකතාවක්

සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්තඩංගුවට, කෝටි 9 ක මූල්‍ය අක්‍රමිකතාවක්

කළුතර ප්‍රදේශයේ වසා තිබූ ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඊට ඇතුළු වීමට යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද චෝදනාව මත කළුතර නගරාධිපති වන අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අද (26) දින අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්. ඒ. ඩී. නිලන්ත මහතා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.

පසුගිය ජූනි 23 වන දින මොවුන් දෙදෙනා ඇතුළු 12 දෙනෙක් ක්‍රීඩාංගනයට අනවසරයෙන් ඇතුළු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com