14 හැවිරිදි සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවම්!
14 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අතවරයට ලක්කිරීමට අදාළ චෝදනා තුනකට වරදකාරිය වූ 49 හැවිරිදි පාසල් ගුරුවරියකට වසර අටක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මොනරාගල මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව එම පුවත්පත සඳහන් කරයි.
මීට අමතරව විත්තිකාරියට රුපියල් 50,000ක දඩයක් පැනවූ අධිකරණය, එක් චෝදනාවකට රුපියල් 250,000 බැගින් රුපියල් ලක්ෂ 07ක (750,000) වන්දි මුදලක් වින්දිත සිසුවා වෙත ගෙවන ලෙස ද නියෝග කළේය.
මෙම නඩුව 2019 වසරේ සිදුවූ සිදුවීමකට අදාළ වන අතර, එහිදී මෙම ගුරුවරිය විසින් පාසලේ සිටි අදාළ සිසුවාව ඇගේ නිවසට කැඳවාගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.
දෙදරු මවක් වන මොනරාගල, හින්දිකිවුල ප්‍රදේශයේ පදිංචි මෙම විත්තිකාරියට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුව පවරා තිබුණි.
