ඇමරිකාව සහ ලංකාව අතර වාණිජ සබඳතා ව්‍යාප්ත කිරීමට විශේෂ සාකච්ඡාවක්!
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) මහතා, මෙරට සංචාරයක නිරත මොන්ටානා (Montana) ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ජියැන්ෆෝටේ (Greg Gianforte) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන් සමඟ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වාණිජ සබඳතා ව්‍යාප්ත කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇත.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් තානාපතිවරයා සඳහන් කළේ, ඇමරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම, මොන්ටානා ප්‍රාන්තයේ නවෝත්පාදන ක්ෂේත්‍රය ශ්‍රී ලාංකික පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ කිරීම සහ දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.
